නිසි වෙලාවට කෘතීම සිංචනය සිදු කර එළදෙන ගැබ් ගන්වා ගමු.

“ඉන්ජෙක්ෂන් කීහිපයක් ගැහැව්වාට වැස්සිට ඇල්ලුවේ නෑ..” කෘතීම සිංචන කිහිපයක් සිදු කලද තමන්ගේ එළදෙන ගැබ් ගැනිවීමට නොහැකි වීම හේතුවෙන් කණස්සල්ලට පත්වන ගොවීන් අපට නිරතුරුවම හමු වේ. කෘතීම සිංචනය සාර්තක වීමට හේතු ගණනාවක් බලපායි. ඒ අතරින් වඩාත්ම වැදගත් වන්නේ නිසි වෙලාවට කෘතීම සිංචනය සිදු කිරීමයි.

කෘතීම සිංචනයේදී සිදු වන්නේ පිරිමි ජන්මානු ගැහැනු සතෙකුගේ ගර්භාශය තුල තැම්පත් කිරීමයි. පැටවකු පිළිසිද ගැනීමට නම් මේ ජන්මානුවක් ගැහැනු සතාගේ ලිංගික පද්ධතිය තුල නිපදවෙන ඩිම්බයක් සමඟ එකතු විය යුතුය. අපි සිංචනය සිදු කල යුත්තේ ගැහැණු සතාගේ ඩිම්බය හා අපි තැම්පත් කරන ශුක්රාණු එකතුවීමට වැඩිම ඉඩක් සලසා දෙන අවස්තාවේදීය.

කෘතීම සිංචනයක් කල පමණින් ගැබ් ගැන්වීමක් සිදු වන්නේ නැත. ඒ නිසාම ගැබ් ගැන්වීමකට අඩුම ඉඩක් ඇති වෙලාවක සිංචනය සිදු කිරීමෙන් ඔබගේ මහන්සිය හා මුදල් නිරපරාදේ නාස්ති වන අතර නැවත ගැබ් ගැන්වීමට දින 21 ක් බලා සිටීමට සිදු වීමෙන් විශාල ආර්ථික හානියක්ද සිදු වේ.

මද ලකුණු පෙන්වීම ආරම්භ කර පැය හයකුත් දහඅටකුත් අතර කාලයේදී සිංචනය කිරීමෙන් ඉහලම ගැබ්ගැන්වීමේ හැකියාවක් ඇති බවට නිර්දේශ කල හැක. (සුදුසුම අවස්තාව පිළිබද විවිධාකාරයේ නිර්දේශ පවතින නමුත් අපේ රටේ ප්රායෝගික තත්වයන් සලකා ඉහත නිර්දේශය ලබා දී ඇත.)

මේ වේලාවන් තුල කෘතීම සිංචනය කර ගැනීම සඳහා ඉතාමත්ම පහසු මඟපෙන්වීමක් ලෙස “උදේ හවස” නිර්දේශය සැලකිය හැක. එනම් යම් දිනක උදේ වරුවේ මද ලකුණු පෙන්වීම ආරම්භ කලහොත් එදින හවස් වරුවේ සිංචනය කර ගැනීම වඩාත් සුදුසු වන අතර හවස් වරුවේ මද ලකුණු පෙන්වීම ආරම්භ කලහොත් පසුදා උදේ වරුවේදී සිංචනය කිරීම වඩාත් සුදුසුය. මෙහෙදී මද ලකුනු පෙන්වීම යනු මුලින්ම සතා මද ලකුණු පෙන්වීම මිස ගොවි මහතා මුලින්ම මද ලකුණු දුටු අවස්ථාව නොවන බවට විශේෂයෙන්ම අවධාරණය කල යුතුය. ඒ නිසාම නිරන්තරයෙන් මද ලකුණු සඳහා ගවයන් පරීක්ෂා කිරීම ඉතාමත් වැදගත් වේ.

සෑම විටම නිවැරදි වෙලාවටම කෘතීම සිංචනය සිදු කර ගන්න. සතා පට්ටියට එන වෙලාව නිවරදිව දැන ගැනීම සඳහා දවසකට හතර වරක් මද ලකුණු හඳුනා පරීක්ෂා කිරීම ඉතාමත්ම වැදගත් වේ. නිවැරදිව මද ලකුණු හඳුනා ගැනීම පිළිබඳව දැනුවත් වීමට ඊලඟ ලිපියෙන් හමු වෙමු.

Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

More to explorer

කෘතීම සිංචනය සාර්තක වීමට නිවැරදිව මද ලකුණු හඳුනා ගැනීම ඉතාමත් වැදගත්…

“එළදෙන පට්ටියට ඇවිල්ලා..”අපේ ගොවි මහත්වරුන් සියලු දෙනාටම පාහේ පට්ටියට ආ ගවයකු හෙවත් මද ලකුණු පෙන්වන ගවයකු හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. මොකද්ද මේ

තවදුරටත් කියවන්න »

වැස්සි පැටවුන්ට මුල් කිරි දීම…

ගොවිපලේ වැස්සි පැටවකු ඉපදීම, කිරි ගොවියෙකු වඩාත් සතුටට පත් කරන කාරණාවකි. එම පැටවා නිරෝගීව, හොඳින් වැඩෙනවා දැකීම ගොවීන්න්ගේ ලොකුම බලපොරොත්තුවකි. නමුත් අවාසනාවකට

තවදුරටත් කියවන්න »

එළුවන්ටත් කෘතීම සිංචනය කල හැකියි..

මෙරට ගව පාලනයේ නිරත වන ගොවි මහත්ම මහත්මීන් අතර කෘතීම සිංචනය ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇත. නමුත් එළු පාලනයේ නිරත ගොවීන් අතර කෘතීම

තවදුරටත් කියවන්න »