බටර් නිෂ්පාදනය

     කුඩා ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය පෝෂ්‍ය ගුණයෙන් අනූන කිරි නිෂ්පාදන වලින් එකක් ලෙස බටර් හඳුන්වා දිය හැක. කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද බෙහෙවින් ගුණදායි බටර්, ඉතාමත්ම පහසුවෙන් සකස් කර ගත හැක.කිසිම රසායන ද්‍රව්‍යයක් එක් නොකොට ස්වාභාවික ලෙස ගෘහාශ්‍රිතව සකස් කරනු ලබන බටර් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපලෙහි ද වර්තමානයේ වැඩි ඉල්ලුමක් පවතින අතර මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයෙකුට ස්වයං රැකියාවක් ලෙස බටර් නිෂ්පාදනය කර අලෙවි කිරිමෙන් විශාල ආදායම් මාර්ගයක් සකසා ගත හැක.
බටර් ග්‍රෑම් 100 ක අඩංගු පෝෂක
      • මේදය     82g
      • ජලය      16g
      • විටමින්  A  960  mcg
      • ශක්තිය  738 Kcal
මේ සඳහා මී කිරි, එළ කිරි, එළු කිරි යොදා ගත හැක.
  • කිරි වලින් වෙන් කර ගත් යොදය (ක්‍රීම්) – 250g පමණ
  • උණු කර නිවා ගත් ජලයෙන් සාදා ගත් අයිස් කැට 500 g පමණ
  • උණුකර නිවා සිසිල් කළ ජලය – ලීටර් 01
  • පැති වැඩි ගණනකින් යුතු හොඳින් පියන වැසෙන ප්ලාස්ටික් බෝතල් 01
    • පැතලි පිගන් 01
    • ගෑරුප්පු 01
    • මේස හැඳි 01
    • ලුණු කුඩු ස්වල්පයක්
    • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • ජෑම් බෝතලයක් වැනි කට පළල් බෝතලයක් ගන්න.
  • බටර් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ සියල්ල සබන් දමා පිරිසිදු කර ගන්න.
  • දෑත් සඳහා අත් ආවරණය පැළඳ ගන්න. හිස් වැස්මක් හා ඒප්‍රන් එකක් ඇඳ ගන්න. (අනවශ්‍ය, අපිරිසිදු ආගන්තුක ද්‍රව්‍ය බටර් වලට එක්වීම වැළැක්වීම සඳහා)
  • බටර් සඳහා යොදා ගන්නා යොදය, එනම් ක්‍රීම්, හැන්දක් ආධාරයෙන් ප්ලාස්ටික් බෝතලයට ඇතුළු කරන්න.
  • එයට අයිස් කැට කිහිපයක් හා ශීත කළ ජලය, ක්‍රීම් ප්‍රමාණයෙන් භාගයක් වන ලෙස එකතු කර ගන්න.
  • බෝතලය හොඳින් වසා දෑතින්ම හොඳින් ගස්සමින් සොලවන්න.
  • විනාඩි 5-7 ක් පමණ මෙසේ බෝතලය සොලවන විට බටර් කැටිති ලෙස බෝතලය තුළ දැකිය හැක.
  • හොඳින් බටර් කැටිති දිස් වන අවස්ථාවේ දි බෝතලය තුල සුදු පැහැති වතුර (බටර් මිල්ක්) වෙන් වී තිබෙනු දැකිය හැක.
  • සෙමින් බෝතලයේ ඇති කිරි පැහැති, බටර් මිල්ක් ඉවත් කර, බටර් කැටිති බෝතලයේ රඳවා ගන්න.
  • බෝතලය තුල ඇති බටර් පිණ්ඩය සෝදා ගෙන ජලය පෙරා හරින්න.
  • පසුව පැතිලි බෝතලයේ ඇති බටර් පිණ්ඩය දමා බටර් කැටිය කඩමින් එතුළ ඇති ජලය ගෑරුප්පුවක ආධාරයෙන් ජලය හැකි තාක් ඉවත් කර ගන්න.
  • පසුව රස අනුව ලුණු ස්වල්පයක් එක් කර කවලම් කරන්න.අවශ්‍ය නම් එයට කරපිංචා කුඩු, සුදු ළූනු කුඩු, ගම්මිරිස් කුඩු එක්කර ගත හැක.
  • පසුව බඳුනක අසුරා ශීතකරණයේ පහළ කොටසේ ගබඩා කර තබා ගත හැක.
  • බටර් කල් තබා ගැනිම තීරණය වන්නේ එය නිෂ්පාදනයේ දි පවත්වා ගන්නා සුපිරිසිදුතාවය මතයි.
  • මෙලෙස සකස් කර ගන්නා බටර් ආවේණික සුවඳින් හා ප්‍රණීත රසයකින් යුක්ත වේ. එසේම මෙය ස්වභාවික ආහාරයක් වන අතර විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ වර්ධනයට වැදගත් ආහාරයක් වේ.
  • නිෂ්පාදනය සඳහා යොදා ගත් ක්‍රීම් වල පිරිසිදු බව.
  • යොදා ගන්නා භාජන හා උපකරණ වල පිරිසිදු බව.
  • නිෂ්පාදනය කරන්නාගේ දෑත් වල හා සකස් කරන ස්ථානයේ පිරිසිදු බව.
Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

තවත් පුවත්

Sinhala
asanka isuru

හන්දි උණ/ පෙකිණි උණ

පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි. අවාසනාවකට අලුත ඉපදුන ගව පැටවුන් අතර හන්දි උණ තරමක් සුලබ

Read More »
Sinhala
asanka isuru

කිරි ගව බුරුළු ප්‍රදාහය

බුරුළු ප්‍රදාහය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කිරි බුරුල්ල තුළට විෂබීජ

Read More »

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *