කිරි වලින් පහසුවෙන් සාදාගත හැකි කිරි නිෂ්පාදනයක් ලෙස පනීර් හැඳින්වීමට පුළුවන.
මස් මාංශ අනුභවයෙන් තොර අයට මෙන්ම කිරි පානය කිරිමට අකමැති අයටද ගැලපෙන කදිම ආහාරයක් වේ.
ඉතා පෝෂදායි රසවත් ආහාරයක් වන බැවින් ළෙඳපොලේ අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදනයක් නොමැති බැවින් ද මිළෙන් වැඩි නිෂ්පාදනයක් ලෙස නම් නල හැක.
ස්වයං රැකියාවක් ලෙස කිරි නිෂ්පාදනය සිදු කරන අයට ලාභදායි ව්‍යාපාරයක් ලෙස පනීර් නිෂ්පාදනය හඳුන්වා දිය හැකිය.
එළකිරි හෝ මී කිරි ලීටර් | 01 |
සිට්‍රික් අම්ලය තේ හැඳි(හෝ ලොකු දෙහි ගෙඩි 5 ක යුෂ) | 1/2 |
මල්පීස් හෝ කපු රෙදි | අඟල් 18 x 18 |
පළමුවෙන්ම කිරි භාජනයකට දමා සෙන්ටිග්‍රේට් අංශක 78 – 80 වන උෂ්ණත්වයට රත් කර ගන්න.
- එම උෂ්ණත්වයේ ඇති කිරි වලට සිට්‍රික් අම්ලය හෝ දෙහි යුෂ එකතු කර හොඳින් කලවම් කරන්න.
- එවිට කැටි ගැසුන කිරි මල්පීස් හෝ කපු රෙදි කැබැල්ලට පෙරා දියර කොටස ඉවත් කර ගත යුතුය.
- ඉහත ආකාරයට දියර කොටස තරමක් ඉවත් වූ පසු කැටි ගැසුන කිරි වල ඇති දියර තව දුරටත් ඉවත් වීමට ඒ මත බර තැබිම කළ යුතුයි.
- මෙම කැටි ගැසුණු කිරි හොඳින් සිදුරු කළ භාජනයක් තුළට දමා හෝ කිරි කැටිය රෙදි කැබැල්ල මතම පැතලි ආකාරයට සකස් කර ඒ මත පැය 1½ ක කාලයක් බර යොදා තැබීම කළ යුතුයි. (බර යෙදීමට ජලය පුරවාගත් ලොකු සාස්පානක් භාවිතා කළ හැකිය.)
- පැය 1½ කට පසුව ඉවතට ගත් පනීර් කැබැල්ල සෙන්ටිග්‍රේට් අංශක 6 – 10 ශීතල ජලයේ පැය 2ක කාලයක් ගිල්වා තබන්න. නැවත ඉවතට ගෙන ශීතකරණයේ පැය 1 ක කාලයක් ගබඩා කර තැබීමෙන් අනතුරුව ග්‍රෑම් 100, ග්‍රෑම් 200, ග්‍රෑම් 500 ප්‍රමාණයේ කැබලි වලට කපා ඇසිරීම හා වෙළඳපලට යැවිම කළ හැකිය.
- මෙම නිෂ්පාදනය සෙන්ටිග්‍රේට් අංශක 0 උෂ්ණත්වයේ මාස 1 ක කාලයක් තබා ගත හැකිය.