බර්ෆි/ෆෙඩා නිෂ්පාදනය

     බර්ෆි නිෂ්පාදනය එතරම් ප්‍රචලිත නොවුනත් ඉතා පහසුවෙන් සාදා ගත හැකි එමෙන්ම වැඩි කාලයක් කල්තබා ගැනිමට හැකියාවක් ඇති කිරි නිෂ්පාදනයකි.
කිරි පානය කිරිමට ප්‍රියතාවයක් නොදක්වන කුඩා ළමයින්ට දීමට අගනා පෝශ්‍යදායි කිරි නිෂ්පාදනයක් වේ.
කිරි ගොවි මහතුන්ට කිරි විකුණා ගත නොහැකි අවස්ථා වලදි මෙම නිෂ්පාදනය පහසුවෙන් කල හැක.
  • එළ කිරි හෝ මී කිරි ලීටර් 01
  • උණු කිරීමට තාච්චියක්
  • හැඳි ගෑමට හැන්දක් (පත්තක් වඩාත් සුදුසු වේ.)
  • කිරි, තාච්චියට දමා උණු කරමින් හොඳින් හැඳි ගාන්න.
  • පතුල පිළිස්සීමක් ඇති නොවන ආකාරයට හැඳිගාමින් හොඳින් උකුවන තුරු උණු කරන්න.
  • එවිට ලැබෙන පල්පය තරමක් ඝණ තත්වයට පැමිණි පසුව නිවෙන්නට තබන්න.
  • මෙම පල්පය භාවිතා කර බර්ෆි හෝ ෆෙඩා නිෂෟපාදනය කරනු ලැබේ.
  • පල්පය – ග්‍රෑම් 500
  • සීනි – ග්‍රෑම් 125
  • චොකලට් පවුඩර් (රස අනුව යොදාගත හැකියි)
  • ඉහත සකස් කරගත් පල්පයට සීනි දමා මද ගින්නේ හැඳිගාමින් රත් කරන්න.
  • ඉන්පසුව චොකලට් පවුඩර් රස අනුව එකතු කරමින් හැඳිගාන්න.
  • මෙම මිශ්‍රණය තෙල් කඩදාසියක් මත දමා තුනීකර හොඳින් නිවුන පසු කෑලි කපා ගැනිම හෝ කුඩා බෝල සාදා ගැනිම හා ඇසිරීම කළ හැකියි.

ෆෙඩා නිෂ්පාදනය

  • පල්පය – ග්‍රෑම් 500
  • සීනි – ග්‍රෑම් 125
  • කුඩු කරගත් එනසාල් හා සාදික්කා (රස අනුව යොදා ගත හැකියි)
  • කහකුඩු ස්වල්පයක්
  • ඉහත සකස් කරගත් පල්පයට සීනි දමා මද ගින්නේ හැඳිගාමින් රත් කරන්න.
  • ඉන්පසු කුඩු කරගත් එනසාල්, සාදික්කා රස අනුව එකතු කරමින් එයට කහ කුඩු ස්වල්පයක් ද එකතු කර හොඳින් කලවම් කරන්න.
  • මෙම මිශ්‍රණය හොඳින් නිවුන පසු කුඩා බෝල සාදා ගැනීම හා ඇසිරීම කළ හැකියි.
  • කිරි උණු කිරීම සඳහා තාච්චියක් පමණක් භාවිතා කරන්න.
  • කිරි පල්පය සාදා ගැනිමේදී බොහෝ වේලාවක් උනු කරන බැවින් එම කාලය පුරාම පතුල පිලිස්සීම වැළැක්වීමට හොඳින් හැඳි ගෑම අවශ්‍ය වේ.
  • බර්ෆී/ෆෙඩා නිෂෟපාදනය කිරීමේදි මදගින්නේ සකස් කළ යුතුයි.
  • සකස් කරගත් බර්ෆි හෝ ෆෙඩා ශීතකරණයක මාස 3ක පමණ කාලයක් තබා ගත හැකිය.
  • මෙම නිෂ්පාදන සැකසීමේදි ඉන්ධන සඳහා වැඩි වියදමක් යන බැවින් කුඩු ලිප් වැනි ලාභදායි ක්‍රම භාවිතා කිරීමෙන් නිෂ්පාදන වියදම් අඩුකර වැඩි ලාභයක් ලබාගත හැකියි.
Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

තවත් පුවත්

Sinhala
asanka isuru

හන්දි උණ/ පෙකිණි උණ

පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි. අවාසනාවකට අලුත ඉපදුන ගව පැටවුන් අතර හන්දි උණ තරමක් සුලබ

Read More »
Sinhala
asanka isuru

කිරි ගව බුරුළු ප්‍රදාහය

බුරුළු ප්‍රදාහය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කිරි බුරුල්ල තුළට විෂබීජ

Read More »

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *