ඔබගේ කිරි ගවයා පරපෝෂිත හානියෙන්/ රෝගවලින් ආරක්ෂා කර ගනිමු.

පරපෝෂිතයන් යනු :

සතුන්ට හානි කරමින්, ඔවුන්ගෙන් පෝෂණය ලබමින්, ශරීරයේ බාහිරව හෝ අභ්‍යන්තරව ජීවත්වන කුඩා ජීවින් විශේෂයන් වන අතර ප‍්‍රධාන වශයෙන් අභ්‍යන්තර පරපෝෂිතයන් (පණුවන්) සහ බාහිර පරපෝෂිතයන් ලෙස වර්ග දෙකකි.

01. අභ්‍යන්තර පරපෝෂිතයන්

සතුන්ගේ ශරීර අභ්‍යන්තරයේ (රූමනයේ, අන්ත‍්‍රයේ, අක්මාවේ සහ පෙනහළුවල) වෙසෙමින් රුධිරය හෝ ශරීර තරලයන් උරා බොමින්, ජීවත් වන රවුන් පණුවන්, පටි පණුවන් හා පැතැල්ලන් මේ වර්ගයට අයත් වේ.

අභ්‍යන්තර පරපෝෂිත ආසාදනවල ලක්ෂණ

      • රක්තහීනතාවය.
      • පාචනය හෝ රුධිරය මිශ‍්‍ර පාචනය.
      • විජලනය.
      • කැස්ස හා නාස් කුහරවල සෙම ඇතිවීම.
      • ශ්වසන අපහසුතා සහ නියුමෝනියාව.
      • ශරීරය කෘශ වීම.
      • තල්ල යට ඉදිමීම හා උදරය විශාල වීම.
      • සම වියළීම, රළු වීම, රෝම කෙළින් වීම, රෝම වැටීම.
      • සතුන් මිය යාම. (විශේෂයෙන් අවුරුදු 1 ට වඩා අඩු පැටවුන්)

02. බාහිර පරපෝෂිතයන්

සතුන්ගේ බාහිර සමේ, ලොම්වල වෙසෙමින්, රුධිරය/පටක/පටකතරලය මත යැපෙමින් ජීවත්වන කිනිතුල්ලන්, උකුණන්, මැක්කන්, මයිටාවන් සහ පියාඹා විත් සතුන්ගේ රුධිරය, පටක තරලය උරා බොන මැස්සන්, මදුරුවන් මේ වර්ගයට අයත් වේ.

බාහිර පරපෝෂිත ආසාදනවල ලක්ෂණ

      • පරපෝෂිත ජීවීන් බාහිරව දක්නට ලැබීම.
      • සමේ කැළලි, තුවාල, සිදුරු සහ බිබිලි /ගැටති ඇති වීම.
      • සම ඝණ වීම සහ රළු වීම .
      • සතුන් නොසන්සුන් වීම සහ නිතර මුත‍්‍රා පිට කිරීම.
      • ශරීරය බිත්ති/ගස් වැනි උපස්තර වල ඇතිල්ලීම.
      • කිරි නිෂ්පාදනය අඩු වීම.
      • විශේෂිත වූ රෝගවලට පාත‍්‍ර වීම, උණ ඇති වීම. (කිණිතුළු උණ)
      • ගබ්සා වීම්/ අංශභාග/ හදිසි මරණ වැනි තත්ත්ව ද ඇතිවිය හැක.

පරපෝෂිත පාලනය

  • ගව නිවාස, නිවාස අවට පරිසරය හා භාවිතා කරන උපකරණ පිරිසිදුව තබා ගැනීම.
  • ක‍්‍රමවත් ලෙස අපදාව්‍ය ඉවත් කිරීමේ ක‍්‍රම භාවිතා කිරීම.
  • පිරිසිදු ආහාර හා ජලය සැපයීම.
  • ක‍්‍රමවත් හා නිවැරදි පණුහරණ/ කිණිතුළුහරණ වැඩසටහන් ආරම්භ කර පවත්වාගෙන යාම.
  • ගොවිපල වෙත පිටතින් ගෙන එන සතුන් සඳහා නිරෝධායන ක‍්‍රමවේදයක් සැකසීම.
  • ගොම නියැදි සාම්පල රසායනාගාර පරික්ෂාවලට ලක් කිරීම මගින් රෝග අවදානම කළින් දැන ගැනීම සහ පරපෝෂිත කාණ්ඩ හඳුනාගත හැක.
  • රෝගී තත්ත්වයන්, පණුහරණය හා බාහිර පරපෝෂිත මර්දන කටයුතු සඳහා නිරතුරුව පශු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.

පණුහරණය

  • සාමාන්‍ය අභ්‍යන්තර පරපෝෂිත (පණුවන්) රෝගවලින් වැළකීම සඳහා මී ගව පැටවුන්ට වයස දින 7 – 10 අතර දීත් එළගව පැටවුන්ට වයස දින 21 – 30 අතර් පණුහරණ ඖෂධ ලබා දිය යුතුය.
  • ඉන්පසු පැටවුන්ට මාස 6 වන තෙක් මාස 1 ඃ කට වරක් පණුහරණ ඖෂධ ලබා දිය යුතුය.
  • මාස 6 කට පසුව මාස 12 වන තෙක් මාස 3 කට වරක් පණුහරණ ඖෂධ ලබාදිය යුතුය.
  • වැඩිහිටි සතුන්ට වසරකට වරක් හෝ දෙවරක් පණුරෝග අවදානම අනුව පණුහරණ ඖෂධ ලබා දීම කල යුතුය.

පණුහරණ ඖෂධ භාවිතයේදී සැළකිලිමත් විය යුතු කරුණු

  • නිරතුරුව පශු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.
  • ආසාදිත පරපෝෂිත පණු වර්ගය අනුව ක‍්‍රියා කරන පණුහරණ ඖෂධ වර්ග වෙනස් වන බැවින් සුදුසු ඖෂධ වර්ගය තෝරා ගැනීම.
  • සතුන්ගේ ජීව බර අනුව ල නිවැරදි මාත‍්‍රාව සකසාගෙන ඖෂධ ලබා දීම.
  • එකම පණුහරණ ඖෂධය නිරතුරුව දීර්ඝ කාලීන භාවිතය නිසා පරපෝෂීතයන් ඊට ප‍්‍රතිරෝධි විය හැක. එමනිසා පශු වෛද්‍ය උපදෙස් මත ඖෂධ මාරුකර භාවිතා කිර’මට කටයුතු කරන්න.
Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

තවත් පුවත්

Sinhala
asanka isuru

හන්දි උණ/ පෙකිණි උණ

පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි. අවාසනාවකට අලුත ඉපදුන ගව පැටවුන් අතර හන්දි උණ තරමක් සුලබ

Read More »
Sinhala
asanka isuru

කිරි ගව බුරුළු ප්‍රදාහය

බුරුළු ප්‍රදාහය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කිරි බුරුල්ල තුළට විෂබීජ

Read More »

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *