දෙමුහුන් නේපියර් තෘණ වගාව

දෙමුහුන් නේපියර් තෘණ යනු :

උසස් තත්ත්වයේ නේපියර් තෘණ වර්ග දෙමුහුන් කර නිපදවා ඇති වැඩි අස්වැන්නක් ලබා දෙන ලංකාවේ බොහෝ ප්‍රදේශ සදහා යෝග්‍ය (නුවරඑළිය වැනි ශීත ප්‍රදේශ හැර) කිරි ගවයින් සදහා සුදුසු කපා ගෙනවිත් කෑමට දිය හැකි පෝෂණ ගුණයෙන් ඉහළ තෘණ වර්ගයි.

නිර්දේශිත ප්‍රභේද :

CO-3
CO-4
CO-5
සාම්පූර්නා
පැච්චෝන් - 1 (සුපර් නේපියර්)

වර්ෂා කාලය ආරම්භයත් සමග බිම් සකස් කර ක්ෂේත්‍රය සකසා ගත යුතු ය.

01. වලවල් වල සිටවීම02. කාණු වල සිටවීම
පේළි පැල අතර පරතරය 1m ×1m වන ලෙස අඩි 1×1×1 වලවල් සකස් කර එක් වලක දඩු කැබලි 2 බැගින් සිටුවන්න.
Flowers in Chania
මීටර 1 පරතරයට කාණු සකස් කර කාණු තුල අඩි 2 පරතරයට එක් ස්ථානයක එක් දඩු කැබැල්ලක් ලෙස සිටුවන්න.( සුපර් නේපියර් සදහා යෝග්‍යයි)
Flowers in Chania
අක්කර 1 ට අවශ්‍ය දඩු ප්‍රමාණය = 8000අක්කර 1 ට අවශ්‍ය දඩු ප්‍රමාණය = 6000

මධ්‍යම ප්‍රමාණයට මේරූ ගැට 2 කක් සහිත නැවුම් දඩු හෝ මුල් සහිත කද කොටස් විය යුතු ය.

එක් ගැටයක් පස තුලට සිටින සේ අනෙක් ගැටය පස හා ස්පර්ශ වන ලෙස සිටවීම.
පහත රූප සටහනේ ඇති ආකාරයට එක් ගැටයක් පස තුලට සිටින සේ හා අනෙක් ගැටය පස හා ස්පර්ශ වන ලෙස සිටුවන්න.

මුල් සහිත කද කොටස්

 
වැඩි තෘණ අස්වැන්නක් සදහා තිබිය යුතු තත්ත්ව
  • දවසේ වැඩි කාලයක් තුල හොඳින් හිරු එළිය ලැබීම
  • පාංශු කාබනික ද්‍ර‍ව්‍ය බහුල පසක් තිබීම
  • පාංශු තෙතමනය ප්‍රශස්ත මට්ටමින් පැවතීම
කාබනික පොහොර පමණක් ක්ෂේත්‍රයට යොදනවානම් භාවිත කල හැකි කාබනික පොහොර වර්ග
  • හොඳින් දිරූ ගොම පොහොර
  • කුකුල් අතුරණුව
  • දිරූ එළු පොහොර
  • කොම්පෝස්ට් පොහොර
යොදන අවස්ථාව අක්කර 1ක් සදහා අවශ්‍ය ප්‍රමාණය පැළයකට
බිම් සැකසීමේදී 6000 – 8000 kg 1½ – 2 kg
දඩු කැබලි සිටුවා මාස 1 ට පසු 8000 kg 2 kg
සෑම කැපුමකටම පසු 8000 kg 2 kg
සෑම කැපුමකටම පසු පඳුර වටා කාබනික ද්‍ර‍ව්‍ය මිශ්‍ර‍කර පස් ලං කිරීමෙන් දීර්ඝ කාලයක් (වසර 2-2 ½ ) හොදින් අස්වැන්න ලබා ගත හැක.
රසායනික පොහොර යෙදීම
රසායනික පොහොර ක්ෂේත‍්‍රයට යෙදීමට පෙර ඔබගේ පස පරීක්‍ෂා කර උපදෙස් ලබාගන්න. (ගන්නෝරුව පශූ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පස් පරීක්‍ෂා කිරීම හා අවශ්‍ය උපදෙස් ලබාගත හැක)
සම්මත පොහොර මිශ්‍රණය
පොහොර යෙදිය යුතු කාලය පොහොර වර්ගය හෙක්ටයාර් එකකට kg ගසකට
සිටුවීමට පෙර කාබනික පොහොර 15000 1.5 kg
දින 7-10 ට පසු යූරියා 100 20 g
ට්‍රිපල් සුපර් පොස්පේට් / TSP 200 40 g
මියුරේට් ඔෆ් පොටෑෂ් / MOP 150 30 g
සෑම කැපුමකට පසුව යූරියා 100 15-20 g
ඉහත පොහොර මිශ‍්‍රණය වාර්ෂික නිර්දේශයක් වන අතර සෑම වසරකටම පසු පස බුරුල් කර වගාව අළුත් කර මෙම සම්මත පොහොර නිර්දේශයම යොදන්න.
ජල සම්පාදනය
මෝසම් වර්ෂාව ආරම්භයත් සමග දඩු සිටුවීම සිදු කරන්න. දඩු කැබලි හොදින් පැලවූ පසු වර්ෂාව නොමැති කාල වලදී දින 8-10 ට වරක් ජලය සැපයීම සිදු කරන්න.

පැල කුඩා කාලයේ දී උදැල්ලෙන් වල් පැල ගලවා පස් පැලයට ලං කරන්න. තෘණ හොඳින් වර්ධනය වූ පසු වල් පැල ඇති වීම ඉතා අඩුය.

පළමු අස්වැන්න සිටුවා දින 75-80 කින් ද පසුව සෑම දින 45-60 ට වරක් ම අස්වැන්න නෙළිය හැක.
මෙහි දී පොළව මට්ටමට ආසන්නයෙන් එනම් 2” – 3” උසින් තෘණ කැපීම සිදු කිරීමෙන් නැවත වර්ධනය හොඳින් සිදු වේ.
ප්‍රශස්ත තත්ත්ව යටතේ එක් කැපුමක දී පදුරකින් 5kg ක දළ අස්වැන්නක් ලබා ගත හැක.

 

  • පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය, ගන්නොරුව
  • පොලොන්නරුව කෘත්‍රීම සිංචන මධ්‍යස්ථානය
  • ඉඹුලන්දණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානය
  • තෙලහැර එළු අභිජනන මධ්‍යස්ථානය
  • කරඳගොල්ල මධ්‍යම කුකුල් පර්යේෂණ මධ්‍යස්ථානය
  • පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු සතු ගොවිපල
    • උඳුගොඩ ස. පා. පුහුණු මධ්‍යස්ථානය – සබරගමුව පළාත
    • කොටදෙණියාව පුහුණු මධ්‍යස්ථානය – බස්නාහිර පළාත
    • වන්නිගම ගොවිපල – වයඹ පළාත
    • තිරප්පනේ ගොවිපල – උතුරු මැද පළාත
    • කැකුණදුර ගොවිපල – දකුණු පළාත
    • බොරලන්ද ගොවිපල – ඌව පළාත
    • උප්පුවේලි ගොවිපල – නැඟෙනහිර පළාත
    • තුනුක්කායි ගොවිපල – උතුරු පළාත
 

වැඩි විස්තර

ඔබ ප‍්‍රදේශයේ රජයේ පශු වෛද්‍ය කාර්යාලය අමතන්න.

සත්ත්ව අභිජනන අංශය,
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,
ගැටඹේ, පේරාදෙණිය
081-2388120

 

Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

තවත් පුවත්

Sinhala
asanka isuru

හන්දි උණ/ පෙකිණි උණ

පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි. අවාසනාවකට අලුත ඉපදුන ගව පැටවුන් අතර හන්දි උණ තරමක් සුලබ

Read More »
Sinhala
asanka isuru

කිරි ගව බුරුළු ප්‍රදාහය

බුරුළු ප්‍රදාහය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කිරි බුරුල්ල තුළට විෂබීජ

Read More »

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *