ලැසී නිෂ්පාදනය

     දැනට ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින පානීය කිරි නිෂ්පාදනයක් ලෙස මෙය හැඳින්විය හැක. මෙම නිෂ්පාදනය ස්වීට් ලැසී, කොත්තමල්ලි ලැසී, කරපිංචා ලැසී හා පලතුරු ලැසී ලෙස වර්ග කිහිපයක් ඇති අතර කොත්තමල්ලි හා කරපිංචා ලැසී මගින් අමතර ඖෂධීය ගුණයක් ලබා දෙයි. අඹ, දිවුල්, ස්ට්‍රෝබෙරි ආදී පළතුරු ලැසී මගින් පෝෂ්‍ය ගුණය මෙන්ම රසය ද වැඩි කරයි.
කිරි, එළකිරි ලෙස පානය කිරිමට අකමැති අයට මෙන්ම උෂ්ණ දේශගුණයක් පවතින අවස්ථා වලදිත් ලැසී ඉතාමත් අගනා පානයකි.
ස්වයං රැකියාවක් ලෙස කිරි නිෂ්පාදනයට යොමු වන කිරි ගොවි මහතුන්ට හා ගෘහණියන්ට මෙම නිෂ්පාදනය හොඳ ආදායම් මාර්ගයක් ලබා ගත හැකි හොඳ ව්‍යාපාරයකි.
Lassi (1)
එළකිරි හෝ මී කිරි – ලීටර් 01 ක්
  • මුහුන් –
    • පශු පර්යේෂණ ආයතනය මගින් නිෂ්පාදිත යෝගට් මුහුන්
    • වෙළඳපොලෙන් ලබාගත හැකි යෝගට් මුහුන්
    • වෙළඳපොලේ විකිණීමට ඇති යෝගට් කෝප්පයකින් ලබා ගත හැකි මුහුන් (මි.ලි.25-30) ක්
  • කොත්තමල්ලි ලැසී හා කරපිංචා ලැසී සඳහා සෝදා කබලේ බැද කුඩුකර පෙනේරයකින් හලා ගත් කොත්තමල්ලි කුඩු හා කරපිංචා කුඩු
  • සීනි සිරප්
සුදු සීනි ග්‍රෑම් 80
ජලය මිලි ලීටර් 90
      (ජලය මිලි ලීටර් 90 ප්‍රමාණයට සීනි ග්‍රෑම්  80 ප්‍රමාණයට දමා රත් කිරිමෙන් සීනි සිරප් සාදාගත හැකිය.)

කිරි සෙන්ටිග්‍රේට් අංශක 45 උෂ්ණත්වයට රත් කරගන්න.

සෙන්ටිග්‍රේඩ් අංශක 42 ට සිසිල් කර යෝගට් මුහුන් එකතු කරගන්න. වෙළඳපොලේ ඇති යෝගට් කෝප්පයකින් මුහුන් ලබා ගන්නේ නම් කිරි මිශ්‍රණයෙන් ස්වල්පයක් පිරිසිදු භාජනයකට ගෙන යෝගට් මේස හැඳි 2½ ක් පමණ  කිරි සමඟ හොඳින් මිශ්‍ර කර සෙන්ටිග්‍රේට් අංශක 42 උෂ්ණත්වයේ ඇති කිරිවලට එකතු කර හොඳින් කලවම් කරන්න.

මෙම මිශ්‍රණය පැය 4-5 ක කාලයක් මිදෙන්නට තබන්න. (යෝගට් මුදවන ආකාරයට ඉන්ක්‍යුබේටරයක තබා ) ඉන්ක්‍යුබේටර් උෂණත්වය සෙන්ටිග්‍රේට් අංශක 42-45 අතර උෂණත්වයක තිබිය යුතුය.

මිදුන යෝගට් පිරිසිදු මළ නොබැඳෙන වානේ භාජනයකට දමා සෙන්ටිග්‍රේට් අංශක 80 උෂෟණත්වයට හැඳිගාමින් රත් කරන්න. යොගට්  මිශ්‍රණය රත් කරන අතරතුර එයට සාදාගත් සීනි සිරප් එකතුකර සෙන්ටිග්‍රේඩ්  අංශක 80 උෂ්ණත්වයේ මිනිත්තු 30 ක කාලයක් තබන්නග (පැස්චරීකරණය)

ඉන්පසු මෙම මිශ්‍රණය සෙන්ටිග්‍රේට් 50-60 ක් වන තෙක් සිසිල් කර බ්ලෙන්ඩරයකට දමා පළමුව අඩු වේගයකිනුත් පසුව වේගය වැඩි කරමින් හොඳින් මිශ්‍ර කරන්න. හොඳින් බ්ලෙන්ඩ් කරගත් පසු එයට අවශ්‍යතාවය පරිදි රසය අනුව කොත්තමල්ලි කුඩු හෝ කරපිංචා කුඩු හෝ පලතුරු යුෂ දමා හොඳින් මිශ්‍ර වනතුරු නැවත බ්ලෙන්ඩ් කරන්න. මෙම මිශ්‍රණය සෙන්ටිග්‍රේඩ් අංශක 6-4 ට සිසිල් කර බෝතල්වල ඇසිරීම හෝ එම අවස්ථාවේදීම පානය සඳහා ගත හැකිය.

සකස් කර ගත් ලැසි ශීතකරණයක සෙන්ටිග්‍රේඩ් අංශක 4 උෂ්ණත්වයේ මාස 1 ක පමණ කාලයක් තබාගත හැකිය.


  • ලබාගන්නා  මුහුන්  අළූත් හා නියමිත ප්‍රමිතියෙන් යුතු ඒවා විය යුතුය. එසේ නොමැති වුවහොත් ලැසි වල රසය වෙනස්විම ඇඹුල් රස ඇතිවීම නිසා නිෂ්පාදනයේ තත්ත්වය බාලවීම මෙන්ම පාරිභෝගිකයාගේ ප්‍රියතාවය අඩුවීම ද සිදුවිය හැකිය.
  • භාවිතා කරන භාජන පිරිසිදු වීම හා මිදුන කිරි පැස්චරීකරණය කරන විට මළ නොබැඳෙන  වානේ වලින් තැනු භාජන භාවිතයට වඩා සුදුසු වේ.
  • ඇසිරිම සඳහා ගන්නා බෝතල් ප්‍රෙෂර් කුකරයක දමා හොඳින් තම්බා ජීවානුහරණය කර ගත යුතුයි.
මේද ප්‍රමාණය මේද රහිත 5.2%
ඝන ද්‍රව්‍ය ප්‍රමාණය 9.0%
ආම්ලිකතාවය 0.6% – 0.7%
Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

තවත් පුවත්

Sinhala
asanka isuru

හන්දි උණ/ පෙකිණි උණ

පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි. අවාසනාවකට අලුත ඉපදුන ගව පැටවුන් අතර හන්දි උණ තරමක් සුලබ

Read More »
Sinhala
asanka isuru

කිරි ගව බුරුළු ප්‍රදාහය

බුරුළු ප්‍රදාහය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කිරි බුරුල්ල තුළට විෂබීජ

Read More »

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *