බඩගින්න සෑහෙන වේලාවක් දරා ගැනීමට පුලුවන් උවද අපිට පිපාසය දරාගැනීම බෙහෙවින් අසීරුය. වතුර තිබහ දැනුනු මොහොතේම අපිට වතුර බීමට අවශ්‍ය වේ. සතුන්ටත් අපිට වගේමය. අවශ්‍ය පමණට වතුර නොලැබෙන විට සතුන් දැඩි පීඩාවකට ලක්වේ.
අනෙක් අතට අවශ්‍ය තරම් ජලය නොලැබීම කිරි නිශ්පාදනයට ඉතාමත් අහිතකර ලෙස බලපායි. වතුර තිබහෙන් සිටින වෙලාවට අපිට ආහාර ගැනීමට ප්‍රියතාවයක් ඇතිවන්නේ නැත. සතුන්ටත් මේ සිද්ධාන්තය ඒ ලෙසටම වලංගුය. ඇති තරම් වතුර නොලැබෙන සතෙකු ආහාර ගැනීමට උනන්දු වන්නේ නැත.
කිරි ගවයෙක් ඇති කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ඉහල නිශ්පාදනයකි. වැඩි කිරි ප්‍රමාණයක් නිපදවීමටනම් එළදෙනගේ පෝෂණ අවශ්‍යතා සැපිරිය යුතුය. ඒ සඳහා ඇති තරම් ආහාර ගත යුතුය. වතුර තිබහෙන් සිටින විට සතුන්ගේ ආහාර රුචිය අඩුවේ. අවශ්‍ය තරම් ජලය සැපයීම හරහා සතුන්ගේ ආහාර ගැනීම ඉහල යයි. එවිට පෝෂන මට්ටම ඉහල යන අතර එහි අනිවාර්ය ප්රථිඵලය කිරි නිශ්පාදනය ඉහල යාමය.
අවශ්‍ය ප්‍රමාණය දැන ගන්නේ කෙසේද?
ගොඩබිම වසන කිරි බී වැඩෙන සතුන් අතරින් වැඩිම වතුර ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේ අලියා, හිපපොටේමස් වැනි විශාල සතුන් නොව වර්තමාන කිරි දෙනුන් ය. ඒ අනුව සාමාන්‍යයෙන් කිරි දෙන ගවයෙක් දිනකට වතුර ලීටර 100- 180 ත් අතර ප්‍රමාණයක් පානය කරනු ලබයි.
අපිට හැමදාකම එකම ප්‍රමාණයට වතුර තිබහ ඇති වන්නේ නැත. රස්නය වැඩි දවසක වැඩියෙන් වතුර බීමට අවශ්‍යය. ඒ වගේම වැඩිපුර මහන්සි උන දවසක අපිට වැඩියෙන් වතුර බීමට සිදුවේ. එසේම අපි ගන්නා ආහාරය මතද බීමට අවශ්‍ය වන වතුර ප්‍රමාණය වෙනස් වේ. එළදෙනුන්ගේ ජලය අවශ්‍යතාවයත් ඒ ලෙසම සතාගේ වර්ගය, බර, ගැබ්ගෙන තිබීම, පරිසර උශ්ණත්වය, ආහාර වර්ගය, කිරි නිශ්පාදනය, රෝගී තත්වයන් ආදී බොහෝ සාධක මත වෙනස් වේ.
සාමාන්යෙන් කිරි දෙනුන් වැඩියෙන්ම වතුර පානය කරන්නේ කිරි ගැනීමෙන් පසුව හෝ ආහාර ගන්නා කාලය තුලදීය. එනමුත් ගවයන් අවශ්‍යතාවයක් ඇති වූ හැම විටකම ජලය පානය කිරීමට පෙලඹේ. සාමාන්‍යයෙන් දවසකට 7- 12 අතර වාර ගණනක් ගවයන් ජලය පානය කරනු ලබයි.
අපේ රටේ ඇති කරන බහුතරයක් කිරි දෙනුන්ට අවශ්‍ය තරම් වතුර නොලැබෙන බව ගොවිපල නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. බොහෝ අවස්තාවලදී අපිට දකින්නට ලැබෙන්නේ කිරි ගන්නා අවස්ථාවලදී ඇතුලුව දවසට කිහිප විටක් ගොවි මහතා විසින් ජලය ගෙනගොස් ලබා දෙන ආකාරයකි. නමුත් එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ.
සතාට තිබහ දැණුන ඕනෑම මොහොතක පානය කිරීමට හැකි වන සේ ඇති තරම් පිරිසිදු ජලය සපයා තිබීම වඩාත් සාර්තක ක්‍රමය වේ.
ජල භාජන..
සතාගේ ප්‍රමාණය මත ජල භාජන පොලෝ මට්ටමේ සිට අඟල් 24-30 අතර උසකින් සකස් කිරීම වඩාත් සුදුසුය. ජර්සි වැනි කුඩා ප්‍රභේද වල සතුන් වෙනුවෙන් අඟල් 24 ක පමන උස ප්‍රමානවත් වේ.
සාමාන්යෙන් පැය විසි හතර පුරා ජලය සපයා දීමේදී ස්වයංක්‍රීයව ජලය පිරෙන ජල භාජන සකස් කිරීම වඩාත් සුදුසුය. එවන් ජල භාජන අවම අඟල් තුනක පමණ ගැඹුරකින් යුක්ත විය යුතුය. ඒ හරහා ගවයන් සාමාන්‍යයෙන් ජලය පානය කරන ආකාරයට අඟලක් දෙකක් පමන හොම්බ ජලයේ ගිල්වා නිදහසේ පානය කිරීමට ඉඩ ලබා දිය හැකි වේ.
අවශ්‍ය තරම් ජලය සැපයීම හරහා කිරි නිශ්පාදනය ඉහල යන අතර ඒ හරහා ගවයන් ඇති කිරීමෙන් ලැබෙන ලාබය ඉහල නංවා ගැනීමට හැකිවේ. අනෙක් අතට සතාට සුව පහසු ජීවිතයක් උරුම කර දීමටද හැකියාව ලැබේ.
අපි රැක බලාගන්නා සතුන්ට අවශ්‍ය තරම් ජලය සැපයීම අපගේ යුතුකමක් හා වගකීමකි.
අපි වෙනස් වෙමු..
ලාබදායී කිරි ගොවිපලක් වෙනුවෙන් සිදු කල යුතු පුංචි පුංචි වෙනස්කම් සිදුකිරීමට අදිටන් කර ගනිමු
නිසි වෙලාවට කෘතීම සිංචනය සිදු කර එළදෙන ගැබ් ගන්වා ගමු.
“ඉන්ජෙක්ෂන් කීහිපයක් ගැහැව්වාට වැස්සිට ඇල්ලුවේ නෑ..” කෘතීම සිංචන කිහිපයක් සිදු කලද තමන්ගේ එළදෙන ගැබ් ගැනිවීමට නොහැකි වීම හේතුවෙන් කණස්සල්ලට පත්වන ගොවීන් අපට