එළුවන්ටත් කෘතීම සිංචනය කල හැකියි..

මෙරට ගව පාලනයේ නිරත වන ගොවි මහත්ම මහත්මීන් අතර කෘතීම සිංචනය ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇත. නමුත් එළු පාලනයේ නිරත ගොවීන් අතර කෘතීම සිංචනය එතරම් ජනප්‍රිය නැත.

ඔබගේ එළු පට්ටියේ උසස් ආරයේ එළු පැටියන් බිහිකරවා ගැනීමට කෘතීම සිංචනය දායක කර ගත හැක. මෙම සේවාව ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති බොහෝමයක් පශු වෛද්‍ය කාර්‍යාල හරහා ලබා ගත හැක.

මේ වන විට බෝයර්, ජමුනාපාරී හා සානන් යන එළු වර්ගවල අධි ශීත කල ශුක්‍රාණු මෙරටදී නිපදවනු ලබයි. ශුක්‍රාණු වඩි නිශ්පාදනය සඳහා භාවිතා කරන්නේ උසස්ම ආරයේ පිරිමි එළුවන් ය. ඒ නිසාම කෘතීම සිංචනයෙන් උපදින එළු පැටවන්ටද උසස්ම ආරයේ ලක්ෂණ උරුම වනු ලබයි.

ඔබගේ එළු පට්ටියේ ආරය උසස් කර ගැනීමට හා පට්ටියට අලුත් ජාන එකතු කර ගැනීමට කෘතීම සිංචනය දායක වනු ඇත. කෘතීම සිංචනය භාවිතා කිරීම, උසස්ම තත්වයේ පිරිමි එළුවෙකු අලුතෙන්ම ගොවිපලට ගෙන ඒම හා සමානය.

එළුවන් සඳහා වන කෘතීම සිංචන සේවාව ගැන දැනුවත් වීමට හා සේවාව ලබා ගැනීමට ලඟම පශු වෛද්‍ය කාර්‍යාලය අමතන්න.

Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

More to explorer

නිසි වෙලාවට කෘතීම සිංචනය සිදු කර එළදෙන ගැබ් ගන්වා ගමු.

“ඉන්ජෙක්ෂන් කීහිපයක් ගැහැව්වාට වැස්සිට ඇල්ලුවේ නෑ..” කෘතීම සිංචන කිහිපයක් සිදු කලද තමන්ගේ එළදෙන ගැබ් ගැනිවීමට නොහැකි වීම හේතුවෙන් කණස්සල්ලට පත්වන ගොවීන් අපට

තවදුරටත් කියවන්න »

කෘතීම සිංචනය සාර්තක වීමට නිවැරදිව මද ලකුණු හඳුනා ගැනීම ඉතාමත් වැදගත්…

“එළදෙන පට්ටියට ඇවිල්ලා..”අපේ ගොවි මහත්වරුන් සියලු දෙනාටම පාහේ පට්ටියට ආ ගවයකු හෙවත් මද ලකුණු පෙන්වන ගවයකු හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. මොකද්ද මේ

තවදුරටත් කියවන්න »

වැස්සි පැටවුන්ට මුල් කිරි දීම…

ගොවිපලේ වැස්සි පැටවකු ඉපදීම, කිරි ගොවියෙකු වඩාත් සතුටට පත් කරන කාරණාවකි. එම පැටවා නිරෝගීව, හොඳින් වැඩෙනවා දැකීම ගොවීන්න්ගේ ලොකුම බලපොරොත්තුවකි. නමුත් අවාසනාවකට

තවදුරටත් කියවන්න »