අයිස්ක්‍රීම් නිෂ්පාදනය

වයස සීමාවකින් තොරව වැඩිපිරිසක් අතර ජනප්‍රිය කිරි ආහාරයකි.

අවශ්‍ය අමුදුව්‍යප්‍රමාණය
කිරිලීටර              01
යොදය සහිත කිරිපිටිමේස හැඳී      05
ජෙලටීන්තේ හැඳී        02
සීනිග්‍රෑම්             250
කොන් ෆලවර්මේස හැඳී      03
වර්ණක හා රස කාරක 


• කිරිපිටි උණු ජලය අඬු කෝප්ප 1ක දිය කරගන්න.
• කොන් ෆලවර් ඇල් ජලය අඬු කෝප්ප 1/4ක දිය කරගන්න.
• ජෙලටීන් උණු ජලය අඬු කෝප්ප 1/4ක දිය කරගන්න .
• කිරි මද ගින්නේ රත් කරන්න.
• මද රස්නය ඇතිවිට සීනි එකතු කරන්න.
• ඉන්පසු දියකරගත් කිරිපිටි හා කොන් ෆලවර් එකතු කරන්න.
• තරමක් උකු වනතුරු හැඳි ගාමින් රත් කරන්න.
• ලිපෙන් බා දිය කරගත් ජෙලටීන් එකතු කර හොඳින් හැඳි ගා නිවෙන්න
තබන්න.
• තරමක් නිවුනු පසු වර්ණක හා රස කාරක එක්කර මිශ්‍ර කරන්න
සිසිල් වූ පසු නොගැඹුරු බඳුනක දමා පෙන නගින තුරු විනාඩි 5 ක්පමණ හොඳින් ගසා ගන්න.
පැය 2ක් ශීතකරණයේ තබා නැවතත් විනාඩි 5 ක්පමණ හොඳින් ගසා ගන්න.
• නැවත අධි ශීතකරණයේ තබන්න.
• මෙලෙස පැය 2 න් 2ට වාර 4ක් ගසා ගනිමින් අධි ශීතකරණයේ තබන්න.
• පැය 6ක් 8ක් අධි ශීතකරණයේ තැබූවිට ආවේනික රසය හා සුවඳ ඇතිවේ.
• මෙලෙස සාදාගත් අයිස් ක්‍රීම් මාස 3ක් වුවද අධි ශීතකරණයේ තබා ගත හැකිවේ.

සෑදු අයිස් ක්‍රිම්

කිරි ලීටර 1න් අයිස් ක්‍රීම් ලීටර 11/2 ක් නිෂ්පාදනය කරගත හැකිය.

Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

තවත් පුවත්

Sinhala
asanka isuru

හන්දි උණ/ පෙකිණි උණ

පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි. අවාසනාවකට අලුත ඉපදුන ගව පැටවුන් අතර හන්දි උණ තරමක් සුලබ

Read More »
Sinhala
asanka isuru

කිරි ගව බුරුළු ප්‍රදාහය

බුරුළු ප්‍රදාහය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කිරි බුරුල්ල තුළට විෂබීජ

Read More »

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *