කෘතීම සිංචනය සාර්තක වීමට නිවැරදිව මද ලකුණු හඳුනා ගැනීම ඉතාමත් වැදගත්…

“එළදෙන පට්ටියට ඇවිල්ලා..”
අපේ ගොවි මහත්වරුන් සියලු දෙනාටම පාහේ පට්ටියට ආ ගවයකු හෙවත් මද ලකුණු පෙන්වන ගවයකු හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. මොකද්ද මේ පට්ටියට එනවා කියන්නේ?
එළදෙනක් පිරිමි සතෙකු සමඟ ලිංගිකව එකතුවන්නේ ප්රජනන චක්රයේ නිශ්චිත අවස්ථාවකදී පමණි. මේ අවස්ථාවේදී දෙන විවිධ ලක්ෂණ පෙන්වනු ලබයි. පට්ටි ලකුණු හෙවත් මද ලකුණු ලෙස හැදින්වෙන්නේ මෙලෙස පිරිමි සතෙකු සමඟ ලිංගිකව එකතු වීමට සූදානම් අවස්ථාවේදී පෙන්වන ලක්ෂණයන්ය. කෘතීම සිංචනය සාර්තක වීමට නම් මේ මද ලකුණු නිවැරදිව හදුනා ගැනීම ඉතාමත්ම වැදගත්වේ.

  1. අනෙක් සතුන්ට තමන්ගේ ඇඟ මත නැඟීමට ඉඩ දීම (Standing Heat) සතා පට්ටියට පැමිණි බවට දැනගැනීමට ඇති වඩාත් නිවැරදි සලකුණ ලෙස හදුනා ගත හැක. (පට්ටියට ආ සතෙකුගේ ඇඟ මත ගැහැනු සතුන්ද නඟිනු ලබයි.) නමුත් අපේ රටේ බොහෝ ගොවිපල වල සතුන් බැද දමා ඇති බැවින් මේ ලක්ෂනය නිරීක්ෂණය කිරීම අපහසුය.
    2.යෝනි මාර්ගය ඉදිමීම සහ රතු වීම – යෝනි මාර්ගයේ යම් ඉදිමීමක් සිදුවන අතර අභ්යන්තරයෙන් තෙත් ගතියක් හා රතු පැහැයක් ගනී.
  2. යෝනි මාර්ගයෙන් ශ්ලේෂ්මල පිටවීම. වර්ණයක් නැති (බිත්තර සුදු මදය වැනි) පැහැදිලි ශ්ලේෂ්මල ශ්රාවයක් යෝනි මාර්ගයෙන් ශ්රාවය වන අතර ඒවා භාහිරට එල්ලී තිබිය හැක. එසේම මෙම ශ්ලේෂ්මල වලිගයේ හා කලවා වල තැවරී, වියලී තිබෙනුද දැකිය හැක. සමහර විට් සතා ලඟින තැනද මේවා දැකිය හැක.
  3. නොසන්සුන් බව හා කෑ ගැසීම – අනෙක් සතුන් නිදහසේ විවේක ගනිමින් සිටින විටදී පවා පට්ටියට ආ ගවයා සිටගෙන කලබල ගතියක් පෙන්වීමත් වෙනදාට වඩා ශබ්ද නඟමින් කෑ ගෑසීමත් නිරීක්ශණය කල හැක.
  4. ආහාර ගැනීම අඩුවීම
  5. කිරි නිශ්පාදනය සුලු වශයෙන් අඩු වීම.
  6. අනෙකුත් ගවයින්ගේ ලිංගේන්ද්රිය ආඝ්රාණය කිරීම සහ ලෙවකෑම.
    ඉහතින් දක්වා ඇති ලක්ෂණ සියල්ලක්ම එකම සතෙක් නොපෙන්න්වන්නට ඉඩ ඇත. එසේම මේ ලක්ෂණ බොහෝ වේලාවක් පවතින්නේද නැත. සමහර සතුන්ගේ මේ ලක්ෂණ ඉතාමත් අඩු තීව්රතාවයකින් යුතුව ඉතාමත් අඩු කාලයක් පැවතිය හැක.
    මේ තත්වය නිසාම පට්ටියට ආ ගවයකු හදුනාගැනීමට දිනකට අවම හතර වරක් ගවගාල නිරීක්ශණය කිරීම වඩාත් සුදුසුය. උදේ, හවස කිරි ගන්නා අවස්ථාවලදී සාමාන්යෙයෙන් නිරීක්ශණය වන අතර ඊට අමතරව ඒ අතර දහවල් කාලයේදීත්, රාත්රී දහයට එකොලහට පමනත් නිරීක්ෂණය කිරීම වාඩාත් සුදුසුය.
    කෘතීම සිංචනය සාර්තක වීමට නිසි වෙලාවට මද ලකුණු හදුනා ගැනීම ඉතාමත් වැදගත්වේ. එසේම මද ලකුණු හඳුනා ගැනීම මඟ හැරුණහොත් ඊලඟ වාරයේ පට්ටියට එන තුරු දින විසි එකක් බලා සිටීමට සිදුවේ. මේ අවස්ථාවලදී ඔබට විශාල ආර්ථික හානියක් සිදු වේ. නිවැරදිව මද ලකුණු හඳුනාගනීමත්, නිසි කාල රාමුව තුලදීම සිංචනය කරගැනීමත් හරහා ඔබගේ සතුන් ගැබ් ගැන්වීමේ සම්භව්‍යතාව ඉහල නංවා ගත හැක. ඒ හරහා ගොවිපලේ ලාබදායී බව ඉහල නංවාගැනීමට හැකි වනු ඇත.
Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

More to explorer

නිසි වෙලාවට කෘතීම සිංචනය සිදු කර එළදෙන ගැබ් ගන්වා ගමු.

“ඉන්ජෙක්ෂන් කීහිපයක් ගැහැව්වාට වැස්සිට ඇල්ලුවේ නෑ..” කෘතීම සිංචන කිහිපයක් සිදු කලද තමන්ගේ එළදෙන ගැබ් ගැනිවීමට නොහැකි වීම හේතුවෙන් කණස්සල්ලට පත්වන ගොවීන් අපට

තවදුරටත් කියවන්න »

වැස්සි පැටවුන්ට මුල් කිරි දීම…

ගොවිපලේ වැස්සි පැටවකු ඉපදීම, කිරි ගොවියෙකු වඩාත් සතුටට පත් කරන කාරණාවකි. එම පැටවා නිරෝගීව, හොඳින් වැඩෙනවා දැකීම ගොවීන්න්ගේ ලොකුම බලපොරොත්තුවකි. නමුත් අවාසනාවකට

තවදුරටත් කියවන්න »

එළුවන්ටත් කෘතීම සිංචනය කල හැකියි..

මෙරට ගව පාලනයේ නිරත වන ගොවි මහත්ම මහත්මීන් අතර කෘතීම සිංචනය ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇත. නමුත් එළු පාලනයේ නිරත ගොවීන් අතර කෘතීම

තවදුරටත් කියවන්න »