කුර හා මුඛ රෝගය (FMD)

කුර හා මුඛ රෝගය ස්පර්ශයෙන් බහුලව බෝවන වෛරස් රෝගයකි. මෙය කුර සහිත සතුන් අතර පැතිරෙන අතර විශේෂයෙන්  එළ හා මී ගවයින් මෙම රෝගයට ගොදුරු වේ. මෙය සතුන්ගෙන් මිනිසාට බෝවන රෝගයක් ලෙස නොසැලකේ.
මෙම රෝගයේ ප‍්‍රධාන රෝග ලක්ෂණ ලෙස උණ හා ආශයික(දිය බිබිලි) ඇතිවීම සිදුවේ. ආශයික(දිය බිබිලි) සතුන්ගේ දිව, තොල්, විඳුරු මහ, උඩ තල්ල, තණපුඩු, කුර හා කුර ආශ‍්‍රිතව ඇතිවේ. තණපුඩු ආශ‍්‍රිත ආශයික  දක්නට නොලැබෙන අතරම මුඛ ආශයික(දියබිබිලි) පුපුරාගොස් තුවාල ඇති වී කටින් සෙම වැගිරීම සිදු වේ. එසේම කුර ආශ‍්‍රිත තුවාල ඇති වීම නිසා ඇවිදීම ද අපහසු වේ.   
මෙම රෝගය හේතුවෙන් කිරි නිෂ්පාදනය අඩු වේ. එම නිසා ගොවීන්ට ආර්ථික වශයෙන් පාඩු විදීමට සිදු වේ. මෙම රෝගය ආසාධිත සතුන් දින කිහිපයකට පසු  සුවය ලබන නමුත් ආහාර ගැනීම අඩු වීම නිසා සතුන්ගේ වර්ධනය බාල වේ. දෙමුහුන් සතුන් හා ජානමය වශයෙන් උසස් සතුන් මෙම රෝගයට ගොදුරුවීමේ වැඩි හැකියාවක් ඇති අතර දේශීය සතුන් රෝගයට යම් ප‍්‍රතිරෝධීතාවයක් දක්වයි.
  • දින 2 හෝ 3 ක් පවතින අධික උණ.
  • නොපිපිරුණු හෝ පිපිරුණු මුඛ ආශයික (දිය බිබිලි).
  • දිව හා මුඛය ආශ‍්‍රිතව ඇතිවන දිය බිබිලි පිපිරීමෙන් ඇති වූ තුවාල.
  • පැහැදිලි හෝ සුදුපැහැති සෙම කටින් වෑහීම.
  • ආහාර ගැනීම අඩුවීම.
  • කුර අතර හා කුර වලට ඉහලින් තුවාල ඇතිවීම.
  • සතුන් කොර ගැසීම හා ඇවිදීමේ අපහසුව.
  • කිරි නිෂ්පාදනය පහළ වැටීම.

  • රෝගකාරක  වෛරස්  සතුන්ගේ කෙල,  ආශයික (දිය බිබිලි) යුෂ, ශූක‍්‍රාණු හා කිරි මගින් ව්‍යාප්ත වේ.
  • අසාධිත සතුන් මඟින් ව්‍යාප්ත වීම. 
  • අසාධිත සතුන් සමඟ වැඩකරන පුද්ගලයන් හා උපකරණ මඟින් ව්‍යාප්ත වීම. 
  • අසාධිත සතුන් ගොවිපලට රැගෙන ඒ මඟින් ව්‍යාප්ත වීම. 
  • අසාධිත පිරිමි සතුන් පට්ටි වස්සන් ලෙස යොදා ගැනීම මඟින් ව්‍යාප්ත වීම.
  • සතුන් සඳහා බීමට ජලය සපයන පොදු ජල තටාක මඟින් ව්‍යාප්ත වීම.
  • කම්කරුවන් විසින් භාවිතා කරන වෛරස් තැවරුණු ඇදුම්, පාවහන් බූට්ස් හෝ උපකරණ මඟින් ව්‍යාප්ත වීම.
  • ආසාධිත සතුන් වෙනත් ස්ථානවලට ප‍්‍රවාහනය කිරීම මඟින් ව්‍යාප්ත වීම.
  • ආසාධිත සතුන් ගාල්කර සිටි ස්ථානවල රෝගි සතුන් ගාල් කිරීම මඟින් ව්‍යාප්ත වීමග 
  • ආසාධිත සතුන් ප‍්‍රවාහනය කරන ලද ලොරි රථ නිරෝගී සතුන් ප‍්‍රවාහනය සඳහා යොදා ගැනීම මඟින් ව්‍යාප්ත වීම. 
  • සමහර අවස්ථාවල අනෙකුත් ගෘහාශ‍්‍රිත සතුන් මඟින් ව්‍යාප්ත වීම. (ආසාධිත සතුන් සමඟ ගැවසීම නිසා)
  • වහාම අදාල පශු වෛද්‍ය කාර්යාලයට දැනුම් දීම. 
  • පශු වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කිරීම.
  • ආසාධිත සතුන් නිරෝගී සතුන්ගෙන් වෙන් කිරීම / ගාල් කිරීම.
  •  පිටස්තර පුද්ගලයින් ගොවිපලට පැමිණීම සීමා කිරීම.
  • ආසාධිත සතුන් සහිත ගාල්වල සේවය සඳහාම වෙන්කරන ලද කම්කරුවන් පමණක් යෙදවීම.
  • ආසාධිත තුවාල (කුර, මුඛය හා කිරි බුරුල්ල ආශ‍්‍රිත)
  • සුදුසු විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීම.
  • ආසාධිත/රෝගය වැළඳුනු සතුන් විකිණිමෙන් වළකින්න.
  • ආසාධිත/රෝගය වැළඳුනු සතුන් ඝාතනය කිරීමෙන්/ මස් විකිණිමෙන් වළකින්න.
  • ආසාධිත කාලසීමාව තුල ගොවිපලට අළුතින් සතුන් ගෙන ඒමෙන් වළකින්න.
  •  ආසාධිත සතුන්/රෝගී සතුන් ප‍්‍රවාහනයෙන් වළකින්න.
  • ආසාධිත සතුන්/රෝගී සතුන් උලාකෑම සඳහා පොදු තෘණ බිම් වෙත යැවීමෙන් වළකින්න.   
  • ගොම පොහොර විකිණීමෙන් වළකින්න.
  • ආසාධිත සතුන්ගේ කිරි හෝ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන විකිණිමෙන් වළකින්න.
  • ආසාධිත වූ පිරිමි සතුන් පට්ටි වස්සන් ලෙසයොදා ගැනීමෙන් වළකින්න.
  • පශු වෛද්‍ය නිලධාරී උපදෙස් මත නිසි පරිදි එන්නත් ලබා දීම.
  • විශ්වාසවන්ත ගොවිපලකින් සතුන් මිලදී ගැනීම.
  • සතුන්ගේ මුඛයෙන් අධික ලෙස කෙල ගැලීම, කොර ගැසීම හා ආහාර අරුචිය ආදිය පිළිබඳ සැලකිලිමත් වන්න. 
  • කුර හා මුඛ රෝගය යැයි සැක කරන්නේ නම් වහාම පශු වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දෙන්න.
Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

තවත් පුවත්

Sinhala
asanka isuru

හන්දි උණ/ පෙකිණි උණ

පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි. අවාසනාවකට අලුත ඉපදුන ගව පැටවුන් අතර හන්දි උණ තරමක් සුලබ

Read More »
Sinhala
asanka isuru

කිරි ගව බුරුළු ප්‍රදාහය

බුරුළු ප්‍රදාහය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කිරි බුරුල්ල තුළට විෂබීජ

Read More »

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *