වියළි කළාපයේ ගව රැළක්
- ඉන්දීය ගව වර්ග
 - යුරෝපීය ගව වර්ග
 - දෙමුහුම් ගව වර්ග
 - දේශීය ගව වර්ග
 
ඉන්දීය ගව වර්ග වලට විශේෂිත වූ ආවේණික ලක්ෂණ කීපයකි. ඒවා නම්,
- උෂ්ණ දේශගුණයට ඔරොත්තු දෙන අයුරින් ශරීරය සැකසී තිබීම.
 - හම ඝනකම් වන අතර කෙටි රෝම හා වැඩි දිලිසෙන ගතියක් තිබීම.
 - උෂ්ණත්වය පාලනය කර ගැනීමට හැකි වන පරිදි බෙල්ලේ තැල්ලක් සහ මොල්ලියක් තිබීම.
 
ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ දැකිය හැකි ඉන්දීය ගව වර්ග අතුරින් සමහර ගව වර්ග කිරි නිෂ්පාදනයටත් සමහර වර්ග ශ්‍රමය සඳහාත් සුදුසු වන අතර, මෙම කාර්යයන් දෙකම සඳහා සුදුසු ගව වර්ගයන්ද ඇත. උදාහරණ ලෙස සහිවාල්, සින්දි, තර්පකාර්, ගීර් වැනි වර්ග නම් කළ හැක.
ඉන්දීය එළගව වර්ග
කිරි සඳහා සුදුසු ගව වර්ග.
සහිවාල්
															සහිවාල්
මූලාරම්භය           : පාකිස්තානය 
වර්ණය                 : ලා දුඹුරු, රතු දුඹුරු හෝ සුදු මිශ්‍ර
විශේෂ ලක්ෂණ    : පාද කෙටිය, වලිගය දිගය, වැඩුණු මොල්ලියක් සහිත තෑල්ලක් ඇත, පෙට්ටියකහැඩය, බුරුල්ල විශාලය,සම බුරුල්ය, පාර්ශ්විකව වකුටු වූ අං ඇත.
පිරිමි සතා           : කිලෝ ග්‍රෑම් 500 – 600 
ගැහැනු සතා       : කිලෝ ග්‍රෑම් 400 – 450
කිරි නිෂ්පාදනය : ලීටර් 2000 – 2200 පමණ වේ.
ගීර්
මූලාරම්භය          : ඉන්දියාව. 
වර්ණය                : රතු දුඹුරු හෝ සුදු දුඹුරු.
විශේෂ ලක්ෂණ   : කන් දිගයි ලපළලයි, පහළට නැමී ඇත, අං කෙටියි පාද දිගයි.
කිරි නිෂ්පාදනය  : ලීටර් 2000 – 2200 පමණ වේ.
															ගීර්
සින්දි
															මූලාරම්භය           : ඉන්දියාව 
වර්ණය                 : තද රතු හෝ දුඹුරු 
විශේෂ ලක්ෂණ     : කන් දිගයි පළලයි, අං කෙටියිලපාද දිගයි
කිරි නිෂ්පාදනය     : ලීටර් 2000 පමණ වේ
යුරෝපීය එළ ගව වර්ග
යුරෝපීය ගව වර්ග වලට විශේෂිත වූ ආවේණික ලක්ෂණ පහත දැක්වේ.
- ශිත දේශගුණයට ඔරොත්තු දෙයි.
 - කිරි නිෂ්පාදනය ඉතා ඉහළය.
 - වර්ධන වේගය වැඩිය.
 - පරිණත දේහ බර වැඩිය.
 
ප්‍රීෂියන්
මූලාරම්භය           : නෙදර්ලන්තය 
වර්ණය                 : කළු හා සුදු පුල්ලි සහිත හෝ කළු පැහැති වේ 
විශේෂ ලක්ෂණ    : ප්‍රමාණයෙන් විශාලයි,අං කෙටියි,හොම්බ දිගයි
කිරිනිෂ්පාදනය     : ලීටර් 6000 – 7000මුරයකදී
පිරිමි සතා            : කිලෝ ග්‍රෑම් 800 – 900
ගැහැණු සතා       : කිලෝ ග්‍රෑම් 550 – 600 
දුඹුරු සුදු වර්ණයෙන් යුතු සතුන් ද සිටිති. ඔවුන් රතු ප්‍රීෂියන් ලෙස හඳුන්වයි.
															ප්‍රීෂියන්
අයර්ෂයර්
															අයර්ෂයර්
මූලාරම්භය         : බ්‍රිතාන්‍යයේ අයර්ෂයර් ප්‍රදේශය 
වර්ණය               : රතු හෝ දුඹුරු සහිත සුදු පුල්ලි ඇත 
විශේෂ ලක්ෂණ  : අං දිගයි තියුණුයි 
ශරීරය                : මධ්‍යම ප්‍රමාණය
කිරි නිෂ්පාදනය  : ලීටර් 5500 – 6000 මුරයකදී
ජර්සි
මූලාරම්භය : යුරෝපය අවට ජර්සි දුපත 
වර්ණය : සුදු පැහැය,ළා දුඹුරු හෝ අළු පැහැය
විශේෂ ලක්ෂණ : අං උල්වී වී ඇත, හොම්බ කළු පැහැයෙන්
යුක්තයග මුහුණ ඉදිරියේ අවතල හැඩයක් ගනී 
ඇස් විශාලයිග ඉදිරියට නෙරා ඇතග 
කිරි නිෂ්පාදනය : ලීටර් 4000 – 5000 මුරයකදී
පිරිමි සතා : කිලෝ ග්‍රෑම් 600 – 650 
ගැහැණු සතා : කිලෝ ග්‍රෑම් 400 – 500
															ජර්සි
දෙමුහුන් එළගව වර්ග
ගිරුලන්ඩා
															ගිරුලන්ඩා
මූලාරම්භය ගිර් වර්ගයට අයත් ගවයින් හා හොල්ස්ටියන් වර්ගයට 
අයත් ගවයින් දෙමුහුන් කිරීමෙන් බ්‍රසීලයේ නිර්මාණය කරන ලද 
කිරි ගවයෙකි.
වර්ණය                : කළු හා සුදු පැහැතියගනමුත් ගව වර්ග දෙකෙහි
                              ප්‍රතිශතය අනුව පැහැය වෙනස් වේ.
විශේෂ ලක්ෂණ   : කන් ගිර් සතුන්ගේ මෙන් විශාල ය.
කිරි නිෂ්පාදනය   : ලීටර් 3000 – 3500 මුරයකදී
පිරිමි සතා            : කිලෝ ග්‍රෑම් 600
ගැහැණු සතා        : කිලෝ ග්‍රෑම් 300 
මී ගව වර්ග
දේශීය මී ගවයන් හැරුණු කොට පහත සඳහන් ඉන්දියානු මී ගවයින් වර්ග ලංකාවේ දැකිය හැකිය.
මුරා
මූලාරම්භය            : ඉන්දියාවේ පන්ජාබ් හා ඩෙල්හි නගරයේ 
වර්ණය                  : තද කලූ, කළු පාට 
විශේෂ ලක්ෂණ      : අං කෙටියි, අං කරකැවී ඇත,දිගු වල්ගයක්, 
                                විශාල ගෙලක් ඇත, වැඩුණු බුරුල්ලක් ඇත
කිරි නිෂ්පාදනය     : ලීටර් 2000 – 2500 මුරයකදී
															මුරා
සුර්ති
															සුර්ති
මූලාරම්භය           : ඉන්දියාවේ ගුජරාටි ප්රදේශයේය 
වර්ණය                 : අළු හෝ සුදු දුඹුරු පැහැය 
විශේෂ ලක්ෂණ    : මධ්‍යම ප්‍රමාණය, අං කෙටියි දෑකැත්තක හැඩය ගනී 
පිරිමි සතා             : කිලෝ ග්‍රෑම් 450 -500
ගැහැණු සතා         : කිලෝ ග්‍රෑම් 400 -450 
කිරි නිෂ්පාදනය    : ලීටර් 1500 – 2000 මුරයකදී
නිලිරවී
මූලාරම්භය            : පාකිස්තානය 
වර්ණය                  : කළු දුඹුරු පැහැය
විශේෂ ලක්ෂණ       : නළල,වල්ගය හා හොම්බ සුදු පැහැතියග 
කිරිනිෂ්පාදනය       : ලීටර් 1000 – 2000 මුරයකදී
															
				
															
															
															
															





