එළු පැටවුන් සඳහා බෘෘඩරයක් සෑදීම

බෲඩරයක් කියන්නේ,

අළුත උපන් පැටවුන්ට ජීවත් වන පරිසරයට ගැලපෙන පරිදි තමන්ගේ දේහ උෂ්ණත්වය තනිවම පවත්වා ගෙන යාමට අවශ්‍ය කරන උණුසුම තමා විසින්ම නිපදවා ගැනීමට අපහසුයි.
ඒ නිසා ආලෝකය සහ ප්‍රධාන වශයෙන් අවශ්‍ය උෂ්ණත්වය බාහිරින් සැපයීම සඳහා කෘතීමව සකස් කර දෙනු ලබන පරිසරය බෲඩරයක් ලෙස හඳුන්වනවා .
පැටවුන්ට බෲඩරයක් සෑදීමෙන් පැටවුන්ට විශේෂ අවදානයක් ලබා දීමට හැකි වීමෙන් රෝග තත්ත්ව ඇති වේ නම් ඉක්මනින් හඳුනා ගැනීමට හැකි වීම, පැටවුන්ට ප්‍රමාණවත් පරිදි කිරි
සහ ආහාර ලබා දීමට පහසු වීම, ඇවිදීමට ඇති ඉඩ සීමා වීම නිසා ශක්තිය හානි නොවීම වාසි ලෙස සලකන්න පුළුවන්.

එළු පැටවුන් බෲඩරයක නොතිබ්බොත්,

කුඩා පැටවුන් පෝෂණය ලබන්නේ කිරි වලින් පමණක් නිසා, ඒ පෝෂණය දේහ වර්ධනයට භාවිතා කිරීම වෙනුවට දේහ උෂ්ණත්වය යාමනය කිරීමට වැය වීමෙන්
පැටවුන්ගේ වර්ධනය අඩාල වීම, තද සීතල සහිත කාලගුණික තත්ත්වයකදී දුර්වල පැටවුන් මිය යාමට ද අවකාශ තිබෙනවා.
පැටවු උපන් අළුත මව් සතා සමඟ තැබීමෙන් පැටවුන්ට පෝෂණය සහ අවශ්‍ය උෂ්ණත්වය ස්වභාවික ලබා දීමට හැකි වුනත්, පැටවු අපිරිසිදු වීම, පැටවුන්ට හානි වීමට
යම් ඉඩක් පවතිනවා. ඒ වගේම නිවුන් පැටවු උපතක් සිදු වුනු අවස්ථාවක පැටවුන්ට අවශ්‍ය තරම් පෝෂණය නොලැබීමටත් හැකියාව තිබෙනවා. 

සරලව එළු පැටවුන්ට බෲඩරයක් සෑදීමට,

  • උෂ්ණත්වය ප්‍රභවය- විදුලි බල්බයක් (වොට් 60 හෝ 75)
  • අතුරණුව සඳහා වියළි පිදුරු
  • පැටවුන් වෙන් කර තැබීමට පෙට්ටියක් හෝ කූඩුවක් හෝ රාමුවක්
    එළු නිවාසය තුළ ආවරණය වූ ස්ථානයක් තෝරාගෙන, පෙට්ටියක් හෝ කූඩුවක් හෝ රාමුවක් තබා පැටවුන්ව එක තැනක රඳවා තැබීමට හැකි ස්ථානයක් සකසා ඒ තුළ බිමට වියළි පිදුරු වගේ අතුරණුවක් යොදා, උෂ්ණත්වය සැපයීමට විදුලි බල්බයක් සවි කර, සරලව එළු පැටවුන්ට බෲඩරයක් නිර්මාණය කිරීමට පුළුවන්. බෲඩරය තුළ 40°C පමණ උෂ්ණත්වයක් රඳවා ගැනීම සුදුසුයි.පැටවුන්ට වයස මාසයක් පමණ වන තෙක් බෲඩරයේ තබන්න පුළුවන්. නමුත් පරිසර තත්ත්ව අනුව පැටවුන් බෲඩරයේ තැබිය යුතු කාල සීමාව වෙනස් කළ යුතු වෙනවා.වයසින් වැඩෙද්දි අවශ්‍ය පරිදි ඉඩ කඩ වැඩිපුර ලබා දීම, එළු පැටවුන්ට වයස මාසයක් පමණ වන විට සුදුසු ප්‍රමාණයේ ජල භාජන සහ ආහාර භාජන තබා පැටවුන්ට හේ, සාන්ද්‍ර ආහාර, ජලය ලබා දීම අවශ්‍යයි. 
Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

තවත් පුවත්

Sinhala
asanka isuru

හන්දි උණ/ පෙකිණි උණ

පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි. අවාසනාවකට අලුත ඉපදුන ගව පැටවුන් අතර හන්දි උණ තරමක් සුලබ

Read More »
Sinhala
asanka isuru

කිරි ගව බුරුළු ප්‍රදාහය

බුරුළු ප්‍රදාහය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කිරි බුරුල්ල තුළට විෂබීජ

Read More »

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *