වැස්සි පැටවුන්ට මුල් කිරි දීම…

ගොවිපලේ වැස්සි පැටවකු ඉපදීම, කිරි ගොවියෙකු වඩාත් සතුටට පත් කරන කාරණාවකි. එම පැටවා නිරෝගීව, හොඳින් වැඩෙනවා දැකීම ගොවීන්න්ගේ ලොකුම බලපොරොත්තුවකි. නමුත් අවාසනාවකට අපේ රටේ අලුත ඉපදෙන පැටවුන් ලෙඩ රෝග වලට බහුල ලෙස ගොදුරු වනු ලබයි.
රෝගී වූ විට ප්රථිකාර සඳහා වියදම් දැරීමට සිදුවන අතර සමහර අවස්ථා වලදී රෝගය උත්සන්න වීම මත පැටවුන් මිය යනු ලබයි. ප්රථිකාර හරහා සුවය ලැබුවද රෝගය නිසා ඇතිවන සංකූලතා හේතුවෙන් ඒ පැටවුන්ගේ වැඩීම බාල විය හැක. එවිට එම පැටවා හොඳ තත්වයේ කිරි දෙනක් බවට පත්වන්නේ නැත. මෙම සියලු තත්වයන් කිරි ගොවිතැනේ ලාබදායි බවට අහිතකර ලෙස බලපානු ලබයි.
ගව පැටවුන් ඉපදෙන අවස්ථාවේදී රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව සාපේක්ෂව දුර්වලය. මේ තත්වය ගව පැටවුන් අතර රෝග බහුල වීමට එක හේතුවකි. නිසි කලමණාකරනය මඟින් මෙම රෝග තත්වයන් බොහෝමයක් වලක්වා ගත හැක. පැටවා ඉපදුන අවස්ථාවේ නිසි ලෙස මුල් කිරි ලබා දීම, පැටවුන්ගේ රෝග වලක්වා ගැනීමට දායක වන ප්රධානම ක්රියාකාරකම ලෙස හැදින්විය හැක.

මොනවද මේ මුල් කිරි?
පැටවා බිහිකල දෙනකගෙන් මුලින්ම ලැබෙන කිරි මුල් කිරි ලෙස හැදින්වේ. ඒවා සාමාන්ය ක්රි වලට වඩා උකු ගතියක් ඇති අතර කහ පැහැයෙන් යුක්තය. මුල් කිරි තුල සාමාන්යයෙන් කිරිවල අඩංගු පෝෂණ සංඝටක වලට අමතරව පැටවාගේ වර්ධනයට හා ආර්ක්ෂාවට වැදගත්වන සංඝටක රාශියක් අඩංගුය. රෝග වලට එරෙහිව සටන් කිරීමට දායක වන ප්රතිදේහ, මේ අතරින් වඩාත් වැදගත් සංඝටකය ලෙස සැලකිය හැක.

ප්රතිදේහ යනු රෝග කාරක විශබීජ ශරීරයට ඇතුලු වූ විට ඒවාට එරෙහිව සටන් කර විනාශ කර දමන ප්රෝටීන අණු වර්ගයන් ය. ප්රතිදේහ හැකි උපරිම ප්රමාණයක් මුල් අවස්ථාවේදීම ශරීරගත කිරීමට හැකි උවහොත් බොහෝමයක් රෝගවලට එරෙහිව ප්රතිශක්තිය පැටවාගේ ශරීරය තුල ඇති කල හැක.

මුල්කිරි දීමට සුදුසුම අවස්ථාව….
මුල්කිරි වල අඩංගු ප්රතිදේහ, ජීර්ණය වීමකින් තොරව අවශෝශනය කරගැනීමට අලුත උපන් පැටවකුගේ ආහාර මාර්ගයට හැකියාව ඇත. කාලයත් සමඟ මේ හැකියාව නැතිව යන අතර සාමාන්යයෙන් පැය විසි හතරක් පමණ ගතවන විට එම හැකියාව නැති වේ. ප්රතිදේහ උරා ගැනීමේ වැඩිම හැකියාවක් තියෙන්නේ ඉපදුන විගස මුල් පැය දෙක තුලදීය. ඒ නිසාම පැටවා ඉපදී මුල් පැය දෙක තුල මුල් කිරි අවම වශයෙන් ලීටර තුනක් ලබා දීමට අපි හැම විටම උත්සාහ කල යුතුය. ඊට වැඩිපුර දීමට හැකිනම් වඩාත් හොඳය.
ඊලඟ පැය දහය දොලහ ඇතුලත තවත් ලීටර දෙකත් තුනත් අතර ලබා දීම හරහා නිසි ආරක්ෂාව තහවුරු කර ගත හැක. ඒ අනුව මුල් දිනය තුලදී අවම වශයෙන් මුල් කිරි ලීටර හයක්වත් ලබා දී තිබිය යුතුය.

ඒ අතරින් මුල් පැය හය තුල හැකි උපරිම මුල් කිරි ප්රමානයක් ලබා දීම ඉතාමත් වැදගත්වේ.

මුල්කිරි නිසි ප්රමාණය ලැබෙන බවට තහවුරු කර ගැනීම…..
පැටවාට උරා බීමට ලබා දීම මුල් කිරි දීමේ වඩාත් පහසු ක්රමය උවද එහිදී ප්රමාණවත් පරිදි මුල්කිරි ලැබුනේදැයි නිශ්චිතව දැන ගැනීම දුශ්කරය. සාමාන්යයෙන් ලීටර දෙකක් උරා බීමට පැටවකු අවම විනාඩි විස්සක් කිරි උරා බීම කල යුතු බැවින් ඒ හරහා යම් අදහසක් ලබා ගත හැකිය. නමුත් වඩාත් සුදුසු වනුයේ මුල් කිරි දෝවා නියමිත ප්රමාණය පැටවාට ලබා දීමය.

පිරිසිදුකම -අලුත ඉපදුන සතුන්ගේ ප්රතිශක්තිය ඉතාමත් දුර්වල බැවින් කිරි ලබා දෙන අවස්ථාවේදී විශ බීජ ශරීර ගත උවහොත් රෝගී විය හැක. ඒ නිසාම කිරි පෙවීමේදී උපරිම සනීපාරක්ශක ක්රම අනුගමනය කල යුතුය.
නිසි ප්රමාණයට, නිසි පරිදි, පිරිසිදුවට මුල් කිරි ලබාදීම හරහා ඉපදුන අලුත පැටවුන් රෝගී වීම හා මරණයට පත්වීම වලක්වාගනිමින් ගොවිපලේ ලාබදායී බව ඉහල නංවාගැනීමට කටයුතු කරමු.

Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

More to explorer

නිසි වෙලාවට කෘතීම සිංචනය සිදු කර එළදෙන ගැබ් ගන්වා ගමු.

“ඉන්ජෙක්ෂන් කීහිපයක් ගැහැව්වාට වැස්සිට ඇල්ලුවේ නෑ..” කෘතීම සිංචන කිහිපයක් සිදු කලද තමන්ගේ එළදෙන ගැබ් ගැනිවීමට නොහැකි වීම හේතුවෙන් කණස්සල්ලට පත්වන ගොවීන් අපට

තවදුරටත් කියවන්න »

කෘතීම සිංචනය සාර්තක වීමට නිවැරදිව මද ලකුණු හඳුනා ගැනීම ඉතාමත් වැදගත්…

“එළදෙන පට්ටියට ඇවිල්ලා..”අපේ ගොවි මහත්වරුන් සියලු දෙනාටම පාහේ පට්ටියට ආ ගවයකු හෙවත් මද ලකුණු පෙන්වන ගවයකු හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. මොකද්ද මේ

තවදුරටත් කියවන්න »

එළුවන්ටත් කෘතීම සිංචනය කල හැකියි..

මෙරට ගව පාලනයේ නිරත වන ගොවි මහත්ම මහත්මීන් අතර කෘතීම සිංචනය ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇත. නමුත් එළු පාලනයේ නිරත ගොවීන් අතර කෘතීම

තවදුරටත් කියවන්න »