ගොවිපල සතුන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට පහත පියවර අනුගමනය කිරීම ඔබට වැදගත්වේ.
කිරි එළදෙනට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ අප ලබාදෙන ආහාරයෙනි.
සාමාන්‍යයෙන් කිරි එළදෙනක් තෙත් බර අනුව ශරීර බරෙන් 10-12ක් හෝ වියළි බර අනුව ශරීර බරෙන් 3 ක් ආහාරයට ගනි.
මෙය කිරි මුරයේ මුලදී ශරීර බරින් 3 ට වඩා අඩුවී මැද කාලයේදී 3 – 4 අතර වැඩි වී කිරි මුරයේ අගදී නැවතත් 3 පමණ අගයක් ගනි.
උදාහරණ :
බර කිලෝ ග්‍රෑම් 400 ක් වන කිරි මුරයේ මුල සිටින සතෙක් වියළි බර අනුව දිනකට කිලෝ ග්‍රෑම් 10 -11 පමණ ආහාරයට ගනි.
ගුණාත්මය අඩු | මධ්‍යම ගුණාත්මය | වැඩි ගුණාත්මය |
---|---|---|
ගිණි තෘණ | නේපියර් තෘණ (උදා:CO3, CO4, CO5) | පෝෂ බඩ ඉරිගු |
පාර දෙපස සහ ගෙවතු වල ඇති මිශ්‍ර තෘණ | බ්රැකේරියා වර්ග | පෝෂ සෝගම් |
ස්වාභාවික තෘණබිම් | රනිල | රයි, කිකියු වැනි තෘණ |
ඇල්ෆා ඇල්ෆා වැනි රනිල |
ඔබට තිබෙන තෘණ වල ගුණාත්මය සහ ප්‍රමාණය අනුව දිය යුතු සාන්ද්‍ර හා රළු ආහාර ප්‍රමාණය වෙනස් වේ. ඒ සඳහා දළ මාර්ගෝපදේශයක් පහත දැක්වේ.
රළු ආහාර වර්ගය | දිනකට දිය යුතු තෘණ ප්‍රමාණය (Kg) | වදිනකට අවශ්‍ය සාන්ද්‍ර ආහාර ප්‍රමාණය(Kg) |
---|---|---|
ගුණාත්මය අඩු | 35 – 40 | 3.5 – 4.0 |
මධ්‍යම ගුණාත්මය | 35 – 40 | 2.5 – 3.0 |
ගුණාත්මය වැඩි | 30 – 35 | 10 |
සාන්ද්‍ර ආහාර ප්‍රෝටීන් 17% හෝ
සාන්ද්‍ර ආහාර ප්‍රෝටීන් 14-15% කිලෝ 3 ක්
සහ පොල් පුන්නක්කු කිලෝ 1ක් හෝ
සාන්ද්‍ර ආහාර ප්‍රෝටීන් 14-15% රළු
ආහාර වලින් කිලෝ 10 ක් රනිල
සාන්ද්‍ර ආහාර ප්‍රෝටීන් 16% හෝ
සාන්ද්‍ර ආහාර ප්‍රෝටීන 14-15% සමඟ රළු
ආහාර වලින් කිලෝ 10ක් රනිල
සාන්ද්‍ර ආහාර ප්‍රෝටීන් 18% හෝ
සාන්ද්‍ර ආහාර වෙනුවට පොල් පුන්නක්කු කිලෝ 1 ක් හෝ
සාන්ද්‍ර ආහාර ප්‍රෝටීන් 16% සමඟ රළු ආහාර වලින් කිලෝ 10ක් රනිල
ඉහත දැක්වූ නියමිත ප්‍රමාණයන්ම ලබාදෙන්න.
තණකොළ කැබලි කර සාන්ද්‍ර ආහාර සමඟ මිශ්‍රකර පරිපූරක ගව ආහාරයක් (TMR) ලෙස පමණක් ලබාදෙන්න.
පරිපූරක ගව ආහාර (TMR) සකස් කර ගන්නා ආකාරය සකස් කර ගන්නා ආකාරය පහත ඡායාරූප වල දැක්වේ.
↓
↓
↓
↓
↓
- තණකොළ මල් පිපීමට පෙර හෝ 5-10% මල් පිපෙන අවධියේ කපා ගන්න
- පැය 24 ම පිරිසිදු , සිසිල් ජලය ලබාදෙන්න
- සුදුසු ඛණිජ මිශ්රරණයක් දිනකට ග්‍රෑම් 50-75 ක් අතර (අවශ්‍යතාවය අනුව) ලබාදෙන්න
කිරි මුරයේ මුල (මුල් මාස 3)
ආහාර ගත හැකි ප්‍රමාණය අඩුය. එම නිසා ගුණාත්මයෙන් යුතු තෘණ සහ සාන්ද්‍ර ආහාර ලබා දෙන්න.
ප්‍රසූතියට සති 2-3 කට ප්‍රථමව කිරි දෙනගේ ආහාරය ක්රමයෙන්් හදුන්වා දෙන්න.
ශරීර තත්ව දර්ශකය (BCS) 2.5 ට අඩු නොවීමට වග බලා ගන්න.
අපේක්ෂිත කිරි නිෂ්පාදනය නොලැබෙන්නේ නම් ශක්තිය සහ ප්‍රෝටීන අඩංගු පරිපූරක ආහාර ලබාදෙන්න.
කිරි මුරයේ මැද (3-7 මාස)
සතාගේ උපරිම නිෂ්පාදනය (Peak Milk Production) මෙම අවධියේ ලබාගත යුතුම ය. ඒ සඳහා අවශ්‍ය පෝෂණය ලබාදන්න.
මෙම කාලය තුල අනිවාර්යයෙන්ම නැවත ගැබ් ගන්වන්න.
ආහාර ගැනීමේ හැකියාව වැඩි බැවින් උපරිම රළු ආහාර ප්‍රමාණයක් ලබාදෙන්න.
ශරීර තත්ව දර්ශකය 3.0 හෝ ඊට ඉහලින් තබාගන්න
කිරි මුරයේ අවසන් කාලය (මාස 7-10 හෝ කිරි වරන තෙක්)
කිරි නිෂ්පාදනය ක්‍රමිකව අඩුවෙයි. එම නිසා සුදුසු පරිදි සාන්ද්‍ර ආහාර ප්‍රමාණය අඩුකල හැක.
ශරීර තත්ව දර්ශකය 3.0 – 3.5 මට්ටමට ගෙන ඒමට වගබලා ගන්න.
සතාගේ ජීව දත්ත සහ නිෂ්පාදනය අනුව සුදුසු ආහාර සලාකයක් නිවැරදි උපදෙස් අනුව ගණනය කරවා ගන්න. පහත වගුව ඒ සදහා උපයෝගී කර ගත හැකිය.
රළු ආහාරයේ ගුණාත්මය | සාන්ද්‍ර ආහාර දිය යුතු ප්‍රමාණය |
---|---|
ගුණාත්මය අඩු තෘණ (ඇති තරම් ප්‍රමාණයක් දීමට ඇති විටදී) | ලීටර් 3-4 න් පසු වැඩිවන සෑම ලීටරයක් සඳහාම කිලෝ ½ ක් |
මධ්‍යම ගුණාත්ම තෘණ(ඇති තරම් ප්‍රමාණයක් දීමට ඇති විටදී) | ලීටර් 6-7 න් පසු වැඩිවන සෑම ලීටරයක් සඳහාම කිලෝ ½ ක් |
ඉහල ගුණාත්ම තෘණ (ඇති තරම් ප්‍රමාණයක් දීමට ඇති විටදී) | ලීටර් 10-12 න් පසු වැඩිවන සෑම ලීටරයක් සඳහාම කිලෝ ½ ක් |
ඉහල නිෂ්පාදන විභවයක් ඇති දෙනුන් කිරි මුරයේ මුල් අවධියේදී ශක්ති ඌණතාවයකින් පෙලීමට බොහෝ ඉඩ ඇති බැවින් රූමනය මගහැර යන මේදය (By Pass Fat) දිනකට ග්‍රෑම් 200 – 250ක් කිරි මුරයේ මුල් මාස 3 තුලදී ලබාදීමෙන් කිරි නිෂ්පාදනය සහ ප්‍රජනක හැකියාව වැඩි දියුණු කල හැක.
ඉහල කිරි නිෂ්පාදනයක් ඇති සතුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය ද වැඩි බැවින් ඉහල ප්‍රෝටීන ප්‍රතිශතයක් ඇති සාන්ද්‍ර ආහාර හෝ සාන්ද්‍ර අහාර සංඝටක (පොල් පුන්නක්කු වැනි) සුදුසු පරිදි ලබාදෙන්න
කිරි නිෂ්පාදනය ලීටර් 10 ට වැඩි වන විට ආහාර සලාකයේ සුදුසු වෙනස්කම් කරන්න.
වැඩි විස්තර
තෘණ පර්යේෂණ අංශය
පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය
ගන්නෝරුව – පේරාදෙණිය
දුරකථන අංක – 081-2388311